Colombo Today Local News

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

වසරේ මේ දක්වා කාලය තුළ වන අලින් 400ක් පමණ මියගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 200ක් පමණ මිය ගොස් ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.

වෙඩි තැබීම් සහ රිය අනතුරුවලින් වන අලින් බොහෝ දෙනෙකු මියගොස් තිබේ.

විවිධ රෝගවලට ගොදුරු වීමෙන් ද වනඅලි මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙරට අලි ගහනය 6000ක් පමණ සිටින බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාස භූමි අහිමිවීම මත වන අලින් ගම්වැදිම් බහුල වී ඇතැයි චන්දන සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

6% බස් ගාස්තු වැඩිවීමෙන්, ලංගමයේ දිනක ආදායම කෝටියකින් නගී

colombotoday

පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයි

Admin

විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයි

colombotoday

කිරි තේ ගිලන්පසට ලුණු දමා දීලා.. 1500 ක බිලකුත් ගෙවන්න කියලා !

colombotoday

සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා – GMOA

colombotoday

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

colombotoday