Colombo Today Sports News

ධනුෂ්කට එරෙහි තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබූ ‘ස්වාධීන පරීක්ෂණ කමිටුවේ’ නිර්දේශ අනුව එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත ධනුෂ්ක ගුණතිලකව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කට එරෙහිව මෙම ක්‍රිකට් තහනම පැනවීය.

එහෙත් ඔහුව පසුව පැවති ඔස්ට්‍රේලියාවේදී පැවති නඩු විභාගයකින් අනතුරුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

Related posts

නෙල්කාට මෙවර ඔලිම්පික් විනිශ්චයට වරම්

colombotoday

ඉන්දු – ඕස්ට්‍රේලියා T20 ගැටුම අද ඇරඹේ

colombotoday

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයි

colombotoday

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

colombotoday

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක 1 ට

colombotoday

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday