කවුඩුල්ල වනජීවි කලාපයට අයත් කන්තලේ පේරමඩුවට සිමාවි ඇති මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩි ගොස් ඇති බව ප්රදේශවාසීන් පවසයි.
මේ හේතුවෙන් වැවේ ජලය උපයෝගි කරගෙන හේන් ගොවිතැන් හා වෙනත් බෝග වගාකල ගොවින්ට යම් බලපෑමක් එල්ල වන බව ගොවීහු පවසති.
විශේෂයෙන් වැසි රහිත කාලයේදි සිය වගා කටයුතු සිදුකර ගැනීමට නොහැකි වන බවට ගොවින් අනතුරැ ඇගවීය.
මෙම වැව කැඩිගොස් ජලය සිදි යැම හේතුවෙන් සෝමාවතී රක්ෂිතයේ වන අලින්ට ජලය හිඟවිමෙන් වන අලින් ගම් වැදිමේ අනතුරක් ඇති බවද ප්රදේශවාසිහු පැවසූහ.