Colombo Today Local News

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

සපුගස්කන්ද ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුමාරුවකදි සැකකරුවෙකු මියගොස් තිබේ.

කඳාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී පසුගිය 5 වැනිදා මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අදාළ සැකකරු සපුගස්කන්ද පමුණුවිල සමිඳු මාවතේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ගිය පොලිස් නිලධාරීන්ට සැකකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලදී 49 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු මිය ගොස් ඇත.

සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

ධීවරයින්ට දැනුම් දීමක්..

colombotoday

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday