Colombo Today Local News

කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ – ඇමති කංචන කියයි

මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නැවත කිව්.ආර්. ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (16)දින පැවසීය.

ආණ්ඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ මේ දක්වා කර නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර මේ වන විට පවතින යුධමය තත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇති වේ යයි අනුමාන කර ආණ්ඩුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒමට සූදානම් වන වන බව ඇතැම් සමාජමාධ්‍ය පළකර තිබුණි.

Related posts

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

colombotoday

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday

මහබැංකු වංචාවෙන් අර්ජුන ගොඩ දාන්න එජාපය ටීඑන්ඒ සහය ඉල්ලයි

colombotoday

තොන්ඩමන් පොලීසියට කඩා පැන තර්ජණය කරයි – පොලීසිය සමාව අයදී

colombotoday

නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති දයාසිරි ජයසේකර

colombotoday