Colombo Today Local News

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (16)දින සිදුවිය.

යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම පරිශ්‍රය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීම සඳහා වසර 50 කාලයකට දෙනු ලැබුණි.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය සඳහන් කරන්නේ, මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවයි.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් කැනේඩියා ආයෝජන සමාගමේ සභාපති indy pathmanathan සහ ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක මහත්වරු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් සහභාගී විය.

Related posts

නාරාහෙන්පිට අභයාරාමයට තහංචියක්.. මින්පසු දේශපාලන කටයුතු තහනම් !

colombotoday

මැදින් පොහොය දිනය අදයි

colombotoday

ද. ආසියාවේ අඩු බර දරුවන් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉහළට

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday