Colombo Today Local News

අපනයනය ඉලක්ක කර ගනිමින් කල වගා ව්‍යපෘති සාර්ථකයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් අක්කර 200ක් සහ TEJC අඹ අක්කර 500ක වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

TEJC අඹ ව්‍යාපෘතිය යටතේ චාවකච්චේරි එළුතුමට්ටුවාල් ප්‍රදේශයේ අක්කර 500ක TEJC අඹ වගා කර ඇති අතර ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය නිලාවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ව්‍යාපෘති දෙකෙහි ප්‍රගතිය සොයා බැලීම සඳහා යාපනයට ගිය අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද සහභාගී විය.

මෙම කෘෂි ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියාසිටියේ, යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරන අතර TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන්ට වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් බවයි.

Related posts

“13 යටතේ නව ව්‍යස්ථාවෙන් ඉඩම්, පොලිස් බලතල පළාත්සභාවලට පවරනවා“ – ජයම්පති වික්‍රමරත්න

colombotoday

කුඩු ගහන ඇමතිලාගේ නම් හෙළිකරන්න – කථානායක රන්ජන්ට දන්වයි

colombotoday

රටට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙකැයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝඨා පිටුපස පන්නයි

colombotoday

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක් ගන්නා බව වෛද්‍ය ජි.විජේසූරිය කියයි

Admin