Colombo Today Local News

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

තල්දූව ප්‍රදේශයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බව කියන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ගලබලන කන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැව්රිදි පුද්ගලයකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 6100 ක්, ජංගම දුරකථනයක් සහ රුපියල් 4340ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු ඉකුත් සැප්තැම්බර් 20දා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ ඝාතනයක් පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට අනාවරණය වී ඇති බවද විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.

Related posts

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

colombotoday

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

colombotoday

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

යුධ සෙන්පතියන් ගස් යවන චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

colombotoday

පාරිභෝගිකයාට මාධ්‍ය සංදර්ශණ නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙනු.

colombotoday