Colombo Today Local News

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

කෑම පාර්සලයක් මිළදී ගැනීම සදහා රාත්‍රියේදී කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකට ගිය පයාගල පොලිසියේ කොස්තාපල් වරයෙකුට ත්‍රීරෝද රථයක සිටී පිරිසක් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ පහරකැමට ලක්ව ඇත්තේ පයාගල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ රාජකාරි කරන කොස්තාපල් වරයෙකු බව සදහන් වේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයා මීට පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කර ඇති බවත්, එම කාලය තුලදී ඇතිකර ගෙන ඇති තරහක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි කීය.

පැමිණිලිකාර කොස්තාපල්වරයා කළුතර කිතුලාව ප්‍රදේශයේ සිය හිතවතෙකුගේ නිවසකට පැමිණ සිටියදී රාත්‍රි ආහාර පාර්සලයක් ලබාගැනීම සදහා අවන්හලට පැමිණ සිටියදී එම පහරදීම සිදුකර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ.. මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට

Admin

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

colombotoday

ඥානසාර හිමි යළි සිර ගත කරයි

Admin

එජාප මන්ත්‍රී විජේදාස, ගෝඨාගේ සහයට එක්වෙයි..!

colombotoday

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපති CID ප්‍රධානියා ව කැඳවයි

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday