Colombo Today Local News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ජාත්‍යන්තර රතුරුකුරුස සංවිධානයේ මෙරට නියෝජිතයින් විසින් වැඩිදුර තොරතුරු ලබාගෙන තිබේ.

එහිදී එම පුද්ගලයින් දෙදෙනා හඳුනාගැනීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණයන් පිළිබඳව වාර්තාවක් ලබාගෙන ඇති අතර එම තොරතුරු ඊශ්‍රායලයේ රතු කුරුස සංවිධානය වෙත යැවීමෙන් අනතුරුව පුද්ගලයින් හඳුනාගැනීමේදී භාවිතයට ගැනීමට නියමිතව තිබේ.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

මේ අතර ගාසා තීරයට ආසන්නයේ සේවයේ නිරතවන ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් මේ වනවිට රැඳී සිටින නිවාසවලින් ඉවත්ව ආරක්‍ෂිත වෙනත් නිවාස කරා රැගෙන යමින් සිටින බවද ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඊශ්‍රායලයේ විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් 20,000ක පමණ මුදලක් වෙන්කර ඇති බවද ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඩොලර් 10,000ක මුදලක් අනුමත කර ඇත්තේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වුවහොත් ශ්‍රී ලාංකිකයින් සඳහා ආහාර පාන වෛද්‍ය ප්‍රතිකාර ආදිය ලබාදීම සඳහාය.

Related posts

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday

ශ්‍රී ලංකා ආර්ථිකය දකුණු ආසියාවේ 8වැනි තැනට ඇදවැටේ… අලුත්ම වාර්තා මෙන්න

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

ගෑස් – විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

colombotoday

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවූ හෙරෝයින් ජාවාරම්කරු

Admin