Colombo Today Local News

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය අද මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (10)දින මෙම අනතුර සිදුවී තිබේ.

දඹුල්ල සිට ගලේවෙල දෙසට කාන්තා පොලිස් කොස්තාපල්වරිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි ඇත.

තලකිරියාගම විහාරස්ථානය ආසන්නයේ දී වාහන 2ක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි නම් විසි පස් හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියක බව ගලේවෙල පොලිසිය සඳහන් කරයි.

Related posts

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

colombotoday

සියළුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

colombotoday

ගෝඨාභය ජනාධිපති වුනොත් ජාතික ආරක්ෂාව අනතුරකලු. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙන් දැඩි විවේචන

colombotoday