Colombo Today Local News

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 24 හැවිරිදි තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොටහේන ශ්‍රී ගුණානන්ද මාවතේ පදිංචිව සිටි යොරාම් හරියම් නමැත්තෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට මිතුරකු පැමිණ ඇති අතර ඔහු මිතුරා සමග නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයක් අසලට ගොස් කතාබස් කරමින් සිටියදී තවත් පුද්ගලයකු එම ස්ථානයට පැමිණ ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව මෙම පිහි ඇනුම සිදුවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

Related posts

මහින්ද රාජපක්ෂගේ ප්‍රථම ආදරය ගැන බැසිල් රාජපක්ෂ කියයි

colombotoday

සන්ධානය, පොහොට්ටුව එක්වෙයි…. එකම පෙරමුණකින් මැතිවරණයට…

colombotoday

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

Admin