Colombo Today Local News

බාර් වලදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

මත්පැන් අලෙවිසැල් වෙත ගොස් මත්පැන් මිලදී ගන්නා පුද්ගලයින් ඊයේ (22) අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

ඒ මීරිගම නගරයේදී ය.

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසා සිටියේ, “පොත් සාප්පු විවෘත කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් බාර් විවෘත කරන්න ඉඩදෙනවා ?” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ,

“පොත්හල් සහ බාර් අතරේ පැහැදිලිවම සම්බන්ධතාවයක් අපිට පෙන්නුම් කරන්න බෑ. බාර් විවෘත කිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සිදුවෙන නිසා මේ මොහොතේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. සාමාන්‍යයෙන් පොත් අතපත ගානවා. විශාල පිරිසක් එලෙස කටයුතු කරනවා. එවැනි අවස්ථාවකදී වෛරසය පැතිරයෑමේ න්‍යායාත්මක අවස්ථාවක් තියෙනවා.”

Related posts

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

වනාන්තර විනාශ කරන,ජාතික සම්පත් අරාබියට විකුණන රිෂාඩ් බදුර්දීන්ට අද ලැබුණු අලුත්ම අමාත්‍යාංශය මෙන්න

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin