Colombo Today Local News

සතොස සුදුලූනු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු වංචාවට අදාළව 25 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිලෝග්‍රෑම් 54,000 ක සුදුලූනු කන්ටේනර් 2ක් වංචාසහගත ලෙස මිල දී ගත් බවට චෝදනා එල්ල වී ඇති බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික මෙම වංචාවට අදාළ කූඨ ලේඛන සකස් කර ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් 25 හැවිරිදි මෙම සැකකරුට චෝදනා එල්ල වී ඇත.

සැකකරු අද (23) දිනයේ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුදුලූනු තොගය වංචා කිරීමේ සිද්ධියට අදාළ 55 හැවිරිදි බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයා පසුගිය 06 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

colombotoday

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday