Colombo Today Local News

මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා – CIDය උසාවියට දන්වයි

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම සැකකාර අසාද් සාලි යන අය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීම යන වැරදි සිදුකර ඇති බව ට නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපත්‍යයට හානිවන අන්දමින් මහජනයා අතර අනාදරය ඇති කිරීම සහ කණ්ඩායම් වශයෙන් රජයට එරෙහිව යුද්ධ කිරීම සඳහා අන්තවාදීන්ට ආධාර අනුබල දීම යන වැරදි සිදුකර ඇති බවට කරුණු හෙළිවී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා

Related posts

තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයි

Admin

විහාර දේවාලගම් පණත සංශෝධනයට අපෙනුත් උපදෙස් ගන්න – දේවාල භාරකරුවෝ

colombotoday

වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කරන්න රනිල් රට භාරගන්න සූදානම්

colombotoday

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday

රාජිත සේනාරත්නත් ගෙදර ?

colombotoday

“අපි මෙයාට ආදරේ කරනවට වඩා එයා මෙයාට ආදරෙයි..” මහින්ද-රනිල් ගැඹුරු මිතුදම ගැන රන්ජන් කියයි

colombotoday