Colombo Today Local News

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

කොළඹ, කුරුණෑගල, ගම්පහ සහ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ , සුළඟේ දිශාව වෙනස්වීම, කැලි කසළ පිලිස්සීම මෙන්ම නගරවලට දෛනිකව ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බවයි.

අද පෙරවරු 8.00 වනවිට ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 117 ලෙස සටහන් වූ අතර කොළඹ ප්‍රදේශයේ පැවතියේ ඒකක 95 ක් ලෙසය.

මහනුවර ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය ද පහළ ගොස් ඇති අතර , එය ඒකක 91 ක් ලෙස සටහන්ව තිබුණි.

Related posts

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

colombotoday

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

colombotoday

මිරිස් කිලෝව 1600ට නගී. මිරිස්වල කොලෙස්ටරෝල්, කෑමට අගුණයි – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

ඉන්දියාවත් එක්ක ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම මාසයකින් අත්සන් කරනවා – ගම්මන්පිල ඉන්දියාවට කියයි

colombotoday