Colombo Today Local News

හරක් කටා සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවා ගන්න CIDයට අවසර දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08)දින ඒ බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ වහාම සුදුසු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඉකුත් 06 වනදා නියෝග කර තිබුණි.

අභියාචනාධිකරණය නියෝග කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති නම් එසේ කරන ලෙසට ය.

හරක් කටා නමැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබුණි.

Related posts

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

colombotoday

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday

එදා මුස්ලිම් අපිට මුහුණ වහන්න එපා කියපු අයට අද මුහුණ වහන්න වෙලා..!

colombotoday

වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලා

Admin