රන්මිණිතැන්න ගල් ආර ප්‍රදේශයේ හේනකට ඇතුළු වූ ඇතෙකු හේනේ සිටි පුද්ගලයෙකු ට පහරදී මරාදමා ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 558, කුඩා ගම්මාන නවය ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඩී. චන්ද්‍රසේන නැමැති 62 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, මීට දින තුකට පමණ ඉහතදී බෑනාගේ නිවස ට පැමිණ ඇති බවත්, එලෙස සිටියදී බෑනාගේ හේනේ පැල් රකින අතර වාරයේ මෙම සිද්ධියට මුහුණපා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.