Colombo Today Local News

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (20)දින ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම (2024-2029) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිළිගන්වනු ලැබීය.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ පනතේ නීති ප්‍රකාරව, වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

එමෙන්ම වෙනස්වන තත්ත්වයන් සැලකිල්ලට ගිනිමින් සෑම වසර පහකටම වරක් එම සැලැස්ම යාවත්කාලීන කළ යුතුය.

මෙරට අවසන් වතාවට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් පිළියෙල කරනු ලැබුවේ 2018 වසරේදීය.

Related posts

කඩු ගොඩක් ගෙනත් තියෙන්නේ උක් කපන්න. කඩුවයි පල්ලියයි පෙන්නලා බලුවැඩ කරන්න එපා – මරික්කාර්

colombotoday

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

colombotoday

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin

දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා.. – 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි..

colombotoday

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin