Colombo Today Local News

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

විශේෂිත ගණයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස්රථ සඳහා CCTV කැමරා සවිකිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කරන්නේ, ආරක්ෂක විධිවිධාන තරකිරීමේ අරමුණින් බස් රථවල කැමරා සවිකරන බවයි.

බන්ධනාගාරවලින් පිටතට රැඳවියන් ගෙන යන අවස්ථාවේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට එමගින් අවස්ථාව ලැබේ.

බස් රථය තුළ රැඳවින් හා නිලධාරීන් කරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද මේ හරහා අවස්ථාව උදාවන බව කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

ඇතැම් අවස්ථාවලදී බස් රථවලට පිටත සිට මත්ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධින් ද වාර්තා වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14,500ක් පමණ සිටින බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව රනිල්ට හකුලා ගන්න වෙයි

colombotoday

පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව 05දා

colombotoday

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin