Colombo Today Local News

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරුන් තිස් එක් දෙනෙකුගේ නිවාස වරින් වර බිද වරදකරු වී සිර දඩුවම් විද නිදහස්ව පැමිණ තිස් දෙවන වරට ගාල්ල වැලිවත්තේ පදිංචි නීතිඥවරයෙකුගේ නිවසට ඇතුලුවී රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

පවුලේ සාමාජිකයන් රාත්‍රි නින්දට ගිය පසු ජනේලයකින් ඇතුලුවු සොරෙකු නිවසේ අල්මාරියක තිබු රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා මුදු,මාල,වළලු ඇතුලු තවත් රන් ආභරණ රැසක් සොරකම් කර ගෙන ගොස් ඇති බවට නීතිඥවරයා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව, පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත සැකකරු විසින් සොරකම් කරන ලද රන් ආභරණ ගාල්ල කලුවැල්ලේ රන් ආභරණ වෙළඳ සැලකට විකුණා තිබියදී සොයා ගත් බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශේෂ ගුවන් යානයකින් ඊයේ ඇවිත්

colombotoday

මිලියන 4 ක් රජයට පාඩු කල නිලධාරියාට එරෙහිව රවී අද උසාවියේ

colombotoday

ප්‍රදේශ කිහිපයකට අද වැසි

colombotoday

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

colombotoday