Colombo Today Local News

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ. කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම නිසා යළි ඇස්තමේන්තුව සැකසීමට සිදුව ඇතැයි අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡා වලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර ඇතුලත පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Related posts

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

colombotoday

ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේ

Admin

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

අර්චුනා අල්ලා පොලිසියට බාරදීමේ සූදානමක්?

Admin

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

colombotoday