Colombo Today Local News

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) සහ හෙට (14)දින වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි.

වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව ඔහු පැවසීය.

මේ වනවිට බිත්තර මිල රුපියල් 60ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද පැවසුවේ, බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි.

බිත්තර තොග සඟවා සිටීම මෙම තත්ත්වයක් ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එලෙස තොග සඟවා තබා ගන්නා ස්ථාන පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බවයි.

Related posts

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කරයි

colombotoday

පොලිස්,රාජ්‍ය,මානව හිමිකම් කොමිෂන් සභා පත්කෙරේ

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday