පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 15දෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ කයිබර් පක්තුන්කාවා පළාතේ, දරබාන් නමැති කුඩා නගරයේ හමුදා කඳවුරටය.
තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.