Colombo Today Local News

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

“ඉන්දියානු පොහොරවලට ගෙවීමට කෝටි 29ක් පුද්ගලික ගිණුමකට – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” යන මැයෙන් සති අන්ත පුවත්පතක පළවන වාර්තාව සම්පූර්ණයෙන්ම සාවාද්‍ය, අසත්‍ය සහ දේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පවසයි.

මෙම පුවත්පත් වාර්තාව ජනාධිපති ලේකම්වරයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අදාළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් යූරියා දියර පොහොර ගෙන්වීමේදී ගනුදෙනුව සිදුවූ අකාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළේ ය.

දවසක් ඇතුලත ආරම්භ කරපු යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් සමාගම පොහොර ගෙන්නුවේ කොහොමද…? විජිත හේරත් අසයි
READ MORE : https://colombotoday.com/2306-2/

Related posts

විල්පත්තු සංහාරයේ තරම දැන් දැනෙයි.. අනුරාධපුරයත් වියළි ඉරි තලයි.. වැසි ඵලත් දැන් අඩුයි !

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday

ජනපති බෑනා කිලී මහරාජා එක්ක එකතුව ලංකාවට ගේන යුධ නැව ඡන්දේ නිසා පරක්කු කරයි

colombotoday

අලි සබ්‍රි චේතාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැමිණිල්ලක්.

colombotoday

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday