Colombo Today Local News

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (28) දින සිය බැංකු ශාඛා 23 ක් වසා තබන බව ලංකා බැංකුව පවසයි.

ලංකා බැංකුව සිය නිල ෆේස්බුක් ගිණුම හරහා තම ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ බව සඳහන් කර සිටී.

ඒ අනුව බස්නාහිර පළාතේ හොරණ, රත්මලාන , ගුරුගොඩ, ඉංගිරිය, ගොතටුව සහ වැලිවේරිය යන ශාඛා ද, මධ්‍යම පළාතේ දිගන සහ මහනුවර මහ රෝහල ශාඛාවද , උතුරුමැද පළාතේ රඹෑව ද , සබරගමුව පළාතේ කිතුල්ගල ද , වයඹ පලාතේ වාරියපොළ සහ නිකවැරටියද , දකුණු පළාතේ ගාල්ල අධිශ්‍රේණි ශාඛාව, ඉමදූව, යක්කලමුල්ල, බෙලිඅත්ත, හම්බන්තොට, මිද්දෙණිය ශාඛා ද සහ ඌව පළාතේ බුත්තල, ඇතිලිවැව, හපුතලේ, මොණරාගල සහ බදුල්ල ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානය අද දින වසා තැබෙන බව ලංකා බැංකුව සිය නිවේදනයෙන් කියා සිටී.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී සිය ශාඛාවන් විවෘත කෙරෙන වේලාවන් වෙනස් විය හැකි බවද ලංකා බැංකුව සිය නිවේදනයෙන් කියා සීටී.

Related posts

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday