Colombo Today Local News

ඇවන්ගාඩ් නඩුවේදී වාර්තාවක්.. ගෝඨා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ සියයක් එකවර පෙනී සිටිති

gotabhaya-rajapaksha

ඇවන්ගාඩ් නඩුව ඊයේ (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ එහි විත්තිකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු නාවික හමුදාධිපතිවරුන් තිදෙනා ඇතුළු පිරිස වෙනුවෙන් නීතීඥයන් සියයකට වැඩි පිරිසක් පෙනී සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් ඇතුළු නීතිඥයන් 60 දෙනෙකුද ඉතිරි පිරිස සෙසු සැකකරුවන් වෙනුවෙන්ද පෙනී සිටියහ. එක් පුද්ගලයෙකු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨතම නීතිඥයන් වැඩිම පිරිසක් එකවර සහභාගී වූ මුල් අවස්ථාව මෙය බව නීතී ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයේ නීතීඥයන් මූලික විරෝධතාවයක් ගොනු කරමින් පෙන්වා දුන්නේ මෙම නඩුව පවරා ඇත්තේ නිසි නීතිමය ක‍්‍රියාමාර්ග අනුමනය කිරීමෙන් තොරව බවයි. මේ නිසා තව දුරටත් නඩුව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන දෙසැම්බර් මස 03 වැනි දිනට කල් දමනු ලැබීය.

gotabhaya-rajapaksha-2

Related posts

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

colombotoday

ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසමේ නඩු තුනකින් නිදොස් කොට නිදහස්

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට පහර දුන් කොටි ත්‍රස්තයන් දෙදෙනට වසර 10ක සිර දඩුවම්…

colombotoday