Colombo Today Local News

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය NGOවක් අරඹන්න යයි

‘රණවිරුවන්’ගේ යහපත උදෙසා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) ස්ථාපිත කිරීමට ඉදිරියේදී ක්‍රියාකරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි.

එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියාසිටියේ, හමුදා සාමාජිකයකුව සිටි මේජර් විමල් වික්‍රමගේ වෙනුවෙන් එකතු කරන ලද ආධාර මුදලක් ඔහුට පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකදීය.

“මේ එන ක්‍රමය අනුව, මෙහෙම එකතුකරලා ඉවරවෙලා පුදන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිවෙන්නේ නැහැ. විවිද රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා , අලි ඇතුන් වෙනුවෙන් සංවිධාන තියෙනවා , බල්ලො , බළල්ලු වෙනුවෙන් සංවිධාන තියෙනවා. හැබැයි රටක් බේරගත්තු රණවිරුවන් සඳහා වෙන රාජ්‍ය නොවන සංවිධානයක් නැහැ.

ඒ නිසා අපි නීත්‍යානූකූල ආකාරයෙන් ගෞරවණීය මහා සංඝරත්නය ජාතියේ පෙරගමන්කරුවො ලෙස ඔබතුමන්ලාගේ ආශිර්වාදයෙන්, මගපෙන්වීමෙන් නීත්‍යානූකූල ආකාරයකට අපි සියලුදෙනාගේ දායකත්වයෙන් මේ රණවිරුවන් ආරක්ෂක පදනමක් ඇතිකරලා හරි අනිත් රණවිරුවොත් රට වෙනුවෙන් කරපු සේවයේදී ඔවුන් අතරමන් නොකර ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙනවැයි කියන එක පොරොන්දු වෙනවා”.

Related posts

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

ඥාණසාර හිමි සහරාන් ගැන විස්තර 2014 වසරේදී තම අත්අකුරින්ම මාධ්‍යවේදීන්ට ලබාදීලා

colombotoday

කැළි කසල බැහැර කීරීම ගැන ජනපතිගේ ගැසට් පත්‍රයෙන් මූලික අයිතිවාසිකම් කඩලා

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday