Colombo Today Local News

වීරකැටිය 14 හැවිරිදි දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිතයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තවත් සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

පසුගිය 20 වනදා ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි සචින්ත නිම්සර නමැති එම පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්විය.

Related posts

මට හොරා කියපු අය දැන් ඒ ඒ අයටම හොරා කියා ගන්නවා.. දැන් හැමෝගෙම රෙදි ගැලවිලා

colombotoday

ශ්‍රී ලංකන් යානා 4ක් පාකිස්ථානයට – මත්තල ගුවන්තොටුපළ චීනයට !

colombotoday

දුම්බර රක්ෂිතයේ දුක්බර අවසානය! අක්. 21000ක් විකුණයි.. අක්. 900ක් කුකුළ් ගොවිපළකට

colombotoday

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday