World

ඉස්ලාමයට අපහාස කළැයි ජෝර්දාන් කිතුණු ලේඛකයෙක් මරා දමයි

islam-23262ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ කාටූනයක් තම ෆේස්බුක් ජාලය හරහා බෙදාගත් බව කියන ජෝර්දානයේ ‍ලේඛකයෙකු ඝාතනය කොට තිබේ. නඩු විභාගයට සහභාගිවීමට එරට අගනුවර වන අම්මාන් හි අධිකරණයකට පැමිණ ඒ ඉදිරිපිට හිටගෙන සිටියදී මොහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ලවී ඇත. ඝාතකයා ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රියාද් අබ්දුල්ලා ලෙස මොහු හඳුනාගෙන තිබේ. මොහු ඉස්ලාම් පූජකවරයෙකු බවත් කාටූ නය දැකීමෙන් මොහු අසහනයට පත්ව සිටි බවත් ‍පොලීසිය කියයි. කෙසේවුවද වාර්තාවන ආකාරයට මොහු ආගමික අන්තවාදියෙකු ලෙස ප්‍රකට අයෙකි.

මියගිය ‍ලේඛකයා වන නයිඩ් හත්තර් මෙම කාටූනය හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේදී දින පහළොවක් අත්අඩංගුවේ පසුවිය.  ක්‍රිස්තියානි ආගමිකයෙකු වුවද තමා අදේවවාදියෙකු බව කියන හත්තර් ඉස්ලාම් විරෝධියෙකු ලෙස ඇතැමුන් විසින් හඳුන්වයි. තමා වරදක් නොකළ බව හත්තර් කියා සිටි අතර මෙම මරණයට රජය වගකිව යුතු බව ඔහුට සහය දක්වන්නන්ගේ අදහසයි. රජය මෙම මරණය හෙළා දුටුවද මොහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් රජය ඔහුට මරණය ළඟා කළ බව ඔවුහු වැඩිදුරටත් කියති.

Related posts

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

colombotoday

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදය

colombotoday

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

Admin

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday