Colombo Today Local News

“වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි.. සිංහලයන් හිටියෙ නෑ“ විග්නේෂ්වරන්

vig233

වසර 2000කට පෙර සිටම උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව වාසය කර තිබෙන බවත්, එවිට මෙරට සිංහල ජනතාවක් නොසිටි බවත්, එබැවින් උතුරේ දෙමළ අයිතිය පිළිගෙන ස්වයංපාලනයක් ඇතිකළ යුතු බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඔහු මෙසේ පවසා ඇත්තේ දෙමළ නැගිටීම හෙවත් “එළුග තමින්“ නමින් පෙරේදා යාපනයේදී සංවිධානය කර තිබූ විරෝධතාවයේ සදහා පැමිණි දෙමළ ජනතාව අමතමිනි.

“වසර 2000කට පෙර සිටම උතුරු නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාව වාසය කර තිබෙනවා. එවිට මෙරටේ සි0හල ජනතාවක් සිටියේ නැහැ. මේ රටට සිංහල භාෂාව පැමිණියේ ක්‍රී.පු. හයවන සියවසින් පසුවයි. දෙමළ ජනතාව සිංහල ජනතාව විදියට වෙනස් වී වසර සීයක් පමණ ජීවත්වීම නිසයි උතුරු නැගෙනහිර පලාත්වල සිංහල බලපෑම් සිදුවෙලා තියෙන්නේ“ යැයි විග්නේෂ්වරන් එහිදී පවසා ඇත.

දෙමළ භාෂාව කතා කරන බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර ජනතාවට ස්වයං පාලන අයිතිය හිමිවීම කාලීන අවස්ථාවක් බවත් මේ රටේ සිංහල ජනතාව වටහා ගනිමින් ඊට එකඟතාවය පලකල යුතු බවත් උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් උතුරු නැගෙනහිර එකාබද්ධ කරමින් ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති කල යුතු බවත් විග්නේෂ්වරන් වැඩිදුරටත් පවසා ඇත.

 

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

Admin

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin