Colombo Today Local News

ප්‍රභාකරන් මැරුවේ මගේ බළකායෙනුයි.. එදා මේව කීවනම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා

sarath-fonsekaඑල්.ටි.ටි.ඊ. නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ට ප්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ බ්‍රිගේඞ්යර් රවිප්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප්‍රාදේශීය සංවර්ධණ ඇමති  ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එය සිදු වූයේ තමන්ගේ උපදෙස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර දෙනු  ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා, ප්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැන් රණ්ඩු වූ බවද සදහන් කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

Related posts

කොවිඩ් ආසාදනය වූ දරුවන්ට වැළඳෙන ඉතා අවදානම් රෝගයක් | දරුවන් 06ක් දැඩිසත්කාර ඒකකයේ

colombotoday

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

colombotoday

සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවදානමක් නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday

“උතුරේ තව ඉඩම් අක්කර 201ක් මුදාහැරේ.. ආරක්ෂක හේතූන් මත සියළු ඉඩම් නිදහස් කරන්නෑ” ආරක්ෂක ලේකම්

colombotoday

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday

සංගක්කාරගේ බිරිඳ අඩු ‍ආදා­ය­ම්ලා­භි­යකු සේ පෙනී සිට කූට ලේඛන සකසා ඉඩ­මක් පවරා ගනියි. සැමියාගේ මාසික වැටුප රුපි­යල් 7,000 යි ලු.

colombotoday