Colombo Today Local News

කොවිඩ් ආසාදනය වූ දරුවන්ට වැළඳෙන ඉතා අවදානම් රෝගයක් | දරුවන් 06ක් දැඩිසත්කාර ඒකකයේ

කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතල තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙනවා.

ඒ,අද (19)දින කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙය ඉතා අවදානම සහගත රෝගී තත්ත්වයක් වන අතර කොවිඩ් ආසාදනය වී සති 2ත් 6ත් අතර කාලය තුළ දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් බවත් දැනට එවැනි දරුවන් 06 ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි කිතුල්වත්ත මහතා සඳහන් කරන්නේ.

කොවිඩ් රෝගය දරුවන්ට බරපතල සංකුලතා මතුනොකලත් මෙම නව තත්ත්වය ඉතා අවදානම් අතර දරුවන්ට සංකුලතා වැඩි බවද ඔහු පවසනවා.

උණ,දැඩි ඇඟ වේදනාව,වමනය,බඩේ අමාරුව, පාචනය,ඇස් රතු වීම, හැම මතුපිට රතු ලප හෝ දද මතු වීම යන රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත කඩිනමින් දරුවා රැගෙන යන ලෙසත් නිසි වෙලාවේදී ප්‍රතිකාර නොලැබුණහොත් මිය යාමට වුවද ඉඩ තිබෙන බවත් කිතුල්වත්ත මහතා පවසනවා.

මෙය ශරීරයේ අභ්‍යන්තර අවයව රැසකට හානිදායක ලෙස බලපාන බවයි ඔහු කියාසිටින්නේ.

ඒ අනුව ඇස්,හම, හෘදය,පෙනහළු,වකුගඩු,අක්මාව ආදී ඉන්ද්‍රීය රැසකට හානි කරන බව කිතුල්වත්ත මහතා පවසනවා.

මෙම රෝගී තත්ත්වය හදුනා ගෙන ඇත්තේ 2020 වසරේ අප්‍රේල් මාසයේදී වන අතර අවුරුදු 01ත් 20ත් අතර පසුවන අයට වැළඳෙන රෝගී තත්ත්වයක් ලෙස දැනට හඳුනා ගෙන ඇති අතර මෙරටින් හඳුනා ගෙන ඇත්තේ වයස අවුරුදු 08ත් 15ත් අතර වයසේ දරුවන්ට බව කිතුල්වත්ත මහතා කියාසිටිනවා.

මෙරටදී හඳුනාගත් රෝගී දරුවන් සියලු දෙනාටම කොවිඩ් රෝගය වැළඳී ඇති දරුවන් බවත් ඇතැම් දරුවන්ට කොවිඩ් අසාදනය වී ඇති බවට පෙර හඳුනාගෙන හෝ නොමැති අතර මෙම රෝගී තත්ත්වය ගැන පරීක්ෂා කිරීමේදී කොවිඩ් රෝගයද ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබෙනවා.

”මෙය ඉතා භයානක තත්ත්වයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලිනුත් මෙය වාර්තා වෙලා තියෙනවා. එම රටවල දරුවන් මේ රෝගී තත්ත්වය නිසා මිය ගොස් තිබෙනවා. ලංකාවෙත් දැන් එය තිබෙනවා. දැනට හමුවෙලා තිබෙන රෝගී දරුවන් 06 දෙනා කොළඹ අවට ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙන්නේ. වැලිමඩ ප්‍රදේශයෙනුත් එවැනි රෝගී දරුවෙක් හමුවුණා. එම දරුවා බදුල්ල රෝහලට යොමුකර ප්‍රතිකාර ලබා සුවය ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා මෙම තත්ත්වය රට පුරා ව්‍යාප්ත වෙලා ඇති කියල.

ඒ නිසා දරුවන් ගැන අවදානයෙන් පසුවෙන්න. කිසියම් හෝ රෝගී තත්ත්වයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත යොමුවෙන්න කියල ඉල්ලනවා. දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන තත්ත්වයක්. කොවිඩ් රෝගය සමඟමත් මෙම රෝගය වැළදෙන්න පුළුවන්.

මෙම රෝගය වැළඳීමෙන් ශරීර අභ්‍යන්තර අවයව ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපානවා.

පවතින කොවිඩ් තත්ත්වයත් එක්ක රෝහලට පැමිණීමට බිය වෙන්න එපා. දරුවන්ට මෙවැනි යම් කිසි හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම රෝහලට එන්න. රෝගය උත්සන්න වීමට හේතුවක් තමයි නිසි වෙලාවට නිසි ප්‍රතිකාර ලබා නොගැනීම.

මෙය ඕනෑම කොවිඩ් ප්‍රභේදයකට ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි වැඩිහිටි අයට හැදෙනවද නැද්ද කියන්න තවම ප්‍රමාණවත් තොරතුරු නැහැ. තවම මෙය අලුත් තත්ත්වයක් නිසා. පවතින තත්ත්වය සමඟ දරුවන් කෙරෙහි අවදානයෙන් ඉන්න.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

ගිරය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමීද නොවේ. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් සටහනක්.

colombotoday

“නින්ද ගියා බං… මිනිස්ටර්ට නෝන්ඩි ද ?“.. අගමැති, ඇමති ආ උත්සවයේ පොලිස්පති සැපට නිදි !!

colombotoday