Colombo Today Local News

එල්ලුන් ගහට නියම වූ දෙමටගොඩ චමින්ද ඇතුළු සිව්දෙනෙකු ට එරෙහිව අධිචෝදනා භාරදෙයි

2014 වසරේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු වන “දෙමටගොඩ චමින්ද” ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (07)දින අධිචෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ එම චෝදනා භාරදීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 31 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

2014 වසරේ අගෝස්තු මස 01 වනදා බොරැල්ල ප්‍රදේශයේ දී එච්. දුමින්ද හෙවත් චානක නැමැත්තෙකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් පාතාල කල්ලි නායකයෙකු බව කියන දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින තම චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු “දෙමටගොඩ චමින්ද” නැමැත්තා ට මේ වන විට මරණීය දණ්ඩනය ද නියම වී සිටී.

Related posts

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

ජවිපේ සහ මාලිමාවේ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කතානායකට යන්න වුනා

Admin

මිළ සූත්‍රයෙන් ඊයේ මැදියම් රෑ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අසාද් සාලිට රැඳවුම් නියෝග.

colombotoday