Colombo Today Local News

රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේ

ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක (6) කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යශය නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ “2021 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වී 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ නිශ්චිත දිනයේදී කල්ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව එකී කල්ඉකුත්වීමේ දින සිට මාස හය (6) කින් මෙයින් දීර්ඝ කරනු ලැබේ” ලෙස සඳහන්ව තිබේ.

රියදුරු බලපත්‍ර ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමේ සේවාවෙන් දිනයක් ලබාගැනීමේදී දින 13 කට පමණ පසු කාලයක් ලැබෙන බව ජනතාව පවසති.

Related posts

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

අත්අඩංගුවේ සිටින පොඩි ලැසී ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

උ/ පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

නිමලව ආරාණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී හිමිවරුන් වතුර බොන ළිදට වස මුසු කරයි…

colombotoday