World

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

රතු ග්‍රහයා හෙවත් අගහරු ග්‍රහයාගේ පාෂාණ නියැදියක් ලබා ගැනීමට නාසා ආයතනය සූදානම් වෙයි. නාසා ආයතනය මගින් මේවනවිටත් අගහරු වෙත ගොඩබස්වා ඇති “ජෙසේරෝ රෝවරය” මගින් එම පාෂාණ නියැදිය ලබා ගැනෙනු ඇති.

අගහරු ග්‍රහයා පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණ සඳහා පිටත්කර යැවූ ජෙසේරෝ රෝවරය අගහරු වෙත ගොඩබස්වනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මාසයේදීයි. කෙසේවෙතත්, අගහරු ග්‍රහයාගෙන් පාෂාණ නියැදියක් ලබා ගන්නා පළමු අවස්ථාව ද මෙය වේ.

රෝවරය මගින් අගහරුගෙන් ලබා ගන්නා පාෂාණ නියැදිය මිනිස් ඇගිල්ලක තරම් ප්‍රමාණයක් වන බවත්, එය මුද්‍රා තැබූ නළයක බහා පෘථිවිය වෙත රැගෙන ඒමට නියමිත බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. අගහරු මත ජීවයක් පවතීද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ සඳහා මෙම පාෂාණ නියැදිය වැදගත් වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

නාසා ආයතනය මෙවැනි අගහරු මෙහෙයුමකට සැරසෙන්නේ මිනිසා සඳ තරණය කර වසර 52 ක් සපිරීමෙන් අනතුරුවයි. සඳ තරණයේ 52 වන සංවත්සරය ඉකුත් දා සමරනු ලැබුවා. එහිදී අනාවරණ කෙරුණේ මිනිසා සඳ මත තැබූ පළමු පා සලකුණ තවමත් සඳ මත එලෙසම පවතින බවයි.

Related posts

ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයි

Admin