Colombo Today Local News

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ‌‌ප්‍රෙඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි.

මෙම ඩ්‍රෝන යානා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට මෙන්ම එරට නාවික හමුදාවට උපකාර වනු ඇති බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.

ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් පවසා ඇත්තේ විශේෂයෙන්ම සාගර කලාපයේ සැරිසරන යාත්‍රා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මෙම ඩ්‍රෝන යානා උපකාර කරනු ඇති බවයි. වැඩිදුරටත් ප්‍රකාශ කරන ආකාරයට අසල්වැසි චීනය සහ පාකිස්තානය සමග පවතින සමීප තත්ත්වයන් ඉහළ යෑම හේතුවෙන් සිය ගොඩබිම් හා මුහුදු ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදයෙන් ​ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එක්සත් ජනපදයේ සැන්ඩියාගෝ (san dieago) පරමාණුක ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන MQ-9B ​ප්‍රෙඩේටර් ඩ්‍රෝන යානයකට පැය 48ක පමණ කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි අතර කිලෝග්‍රෑම් 1700ක බරක් රැගෙන යා හැකිය.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඊයේ (21)දි පස්වරුවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන වෙත හදිසි දුරකථන ඇමැතුමක් ලබාදී ඇත. පැය භාගයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී දෙරටේ අතිශය වැදගත් කාරණා කීපයක් සාකච්ඡා කළ බව දෙරටේ විදේශ අමාත්‍යාංශ නිල වාර්තා සඳහන් කරයි.

Related posts

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

කරඬුව වැඩම කරන්න ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක්

Admin

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහලට. මුළු ආසාදිත සංඛ්‍යාව 1317 දක්වා ඉහලට.

colombotoday

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday