Colombo Today Local News

හොරු පනිද්දී සැපට නිදාගත් ලග්ගල පොලීසියේ 3ක් ගෙදර යවයි

laggala poloice

මාතලේ ලග්ගල පොලීසියට පැන ගිනි අවි සොරාගත් අවස්ථාවේදී එහි රාජකාරි කළ නිලධාරීන් 03 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

ගිනි අවි නැතිවන අවස්ථාවේ එහි සේවය කළ එම නිලධාරීන් තුන් දෙනා පිළිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇති බවද ප්‍රදේශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු යටතේ මෙම පරීක්ෂණ පැවැත්වෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.

ඊයේ 14 අලුයම 01ට පමණ ලග්ගල පොලිස් ස්ථානයට ඇතුළු වූ අයෙකු එහි ආයුධ ගබඩාවේ තිබූ ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර් 05 රැගෙන පළාගොස් තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් සදහා පොලිස් සුණඛයෙක්ද යොදවා තිබුණ අතර සුනඛයා පොලිස් ස්ථානයේ ‍පිටුපස දොරින් පිටව ගොස් යළිත් එම ස්ථානයටම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සොරකටම පොලීසියේ සම්බන්ධයක් ඇත්ද යන්න මේ වනවිට සැක මතුව ඇති අතර වැඩි දුර පරීක්ෂණ රහස් පොලීසියට පවරා තිබෙනවා.

Related posts

චන්දිමාල්ගේ උපන්දින සාදය පැවති හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ජනාධිපතිගේ ඉතිහාස පාඩම සහ අනාගත අභියෝගය

Admin

හමුදා කදවුරු ඉවත් කරව් ! අපේ ඉඩම් අපට දියව් ! වව්නියාව යුද හමුදා කදවුර ඉදිරිපිට විරෝධතා

colombotoday

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday