Colombo Today Local News

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

ඉන්දුනිසියානු සාම්ප්‍රදායික වගා ක්‍රමයක් වන “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ලවණ ජලය සහිත ඉඩම්, වගුරු බිම්, මෙන්ම ජලය විධිමත් පරිදි බැස නොයන වගා කළ හැකි එහෙත් දැනට පුරන් වීමට ඉඩ හැර තිබෙන කුඹුරු ඉඩම් ආශ්‍රිතව පලදායීව වගා කිරීම සඳහා සෝජාන් වගා ක්‍රමය උපයෝගී කරගන්නා අතර එවැනි ඉඩම්වල තරමක් උස පස් වැටි සකසා ඒ මත ආහාර භෝග වගා කිරීම සිදු කෙරේ.

මෙම ක්‍රමය යටතේ නව වගා ව්‍යාපෘති 05ක් මෙම වසර තුළ හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිට කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත නොහැකි පුරන් කුඹුරු අක්කර 20,917ක් රට තුළ පවතින බවත් වගා කළ හැකි පුරන් කුඹුරු අක්කර 46,325 ක් ඇති බවත් කී ඔහු වගා කළ නොහැකි පුරන් කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් වන අක්කර 5903 ක් පවතින්නේ බස්නාහිර පළාතේ යැයි ද ඔහු සදහන් කරයි.

එමෙන්ම වගා කළ හැකි පුරන් කුඹුරුවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ඇත්තේ බස්නාහිර පළාතේ බවත්, එය අක්කර 18,461.35ක් වන බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තු සංඛයා ලේඛන පෙන්වා දෙන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday

නිමල් සිරිපාලට එල්ල කල අල්ලස් ඉල්ලීමේ චෝදනාව ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝගයක්

colombotoday

සභාග ආණ්ඩුවේ අවසන් තීරණය මහින්ද අතේ

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

colombotoday

මහ සිලු මහතිස් රජුගෙන් පසුව සිංහල ඉතිහාසයේ දෙවන වරට බොදු බල සේනාවෙන් හැට දහසක චීවර පුජාවක්

colombotoday

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday