Colombo Today Local News

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ ඒකක 2ක් ස්ථාපිත කරයි

පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් විශේෂ ඒකක 2ක් ස්ථාපිත කර තිබේ.

ඒ, නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය, වැලි ගොඩ දැමීම, අනවසර ලෙස මැණික් ගැරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහායි.

එම ඒකක විශේෂ දියමත මෙහෙයුම් සහ ඩ්‍රෝන විශේෂ මෙහෙයුම් ලෙස නම් කර ඇත.

විශේෂ දියමත මෙහෙයුම් ඒකකය මගින් කැලණි, කළු, නිල්වලා, මහවැලි සහ වලවේ ගඟ ඇතුළු ප්‍රධාන ගංගා ආශ්‍රිතව විශේෂ වැටලීම් සිදු කරනු ඇති.

එම ඒකකයට අවශ්‍ය මෝටර් බෝට්ටු, පවර් බෝට්ටු ඇතුළු දෑ මිලදී ගැනීමට නියමිතව ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

ඩ්‍රෝන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් විශේෂයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන වැටලීම සිදු කරනු ඇත.

Related posts

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

colombotoday

ETCA තීන්දුයි ! ඉන්දීය ප්‍රධාන සාකච්ඡාකරු භල්ලා ලංකාවට එයි

colombotoday

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

colombotoday