සුපිරි පාසල්වලට ඇතුළත්වීමට වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබා දෙන පහසුකම් අධ්‍යාපන ක්ෂේත්රයේ සේවයේ නියුතු සේවකයින්ටද ලබාදිය යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.
අධ්‍යාපන ක්ෂේත්රයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වෛද්‍ය නිලධාරීන්ට පමණක් වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.