බුද්ධාගමට ප්‍රමුඛස්ථානය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් නොකරන බවත්, මල්වතු මහ නාහිමියන් සමග සාකච්ඡා කර බුද්ධාගම ආරක්ෂා කිරීම සදහා නව වගන්තියක් ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වෙමින් ඊයේ (17) ඔහු මේ බව පැවසීය.
බුද්ධාගම අනතුරේ යැයි පවසමින් ඇතැමුන් ජාතිවාදය ඉස්මතු කිරීමට උත්සහා කරන බවද හෙතෙම පැවසීය.