Colombo Today Local News

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක්. සැකකරුවන් තිදෙනෙක් CCDයට

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාරයේ මේ වනවිට රඳවා සිටින බවයි.

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ ගොඩනැගිල්ල තුළ තිබී ඊයේ පස්වරු 4.45ට පමණ අත්බෝම්බයක් සොයා ගැනිණ.

ඒ දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරේ දකුණ පසට වන්නට ඇති සුරුවම අසල තිබීයදී ය.

දේවස්ථානයට පැමිණි අයෙකු මෙය දැක පියතුමන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

අනතුරුව පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිශ්ක්‍රීය අංශය මෙම ස්ථානයට කැඳවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් අසැකකරුවන් 3 අතර බෝම්බය එම ස්ථානයේ තැබීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරු ද වන බවයි.

දේවස්ථානයේ කටයුතු සඳහා සිටි පිරිසක් ද පොලීසිය ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව වර්ත්වේ.

Related posts

විශ්වාසභංගයෙන් අගමැති හිරවෙද්දී, විධායක ජනපති ධුරය අහෝසියට ජවිපෙ 20 සංශෝධනය ගෙනෙයි

colombotoday

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරු මාරුවෙයි.. අර්බුධය තවත් උග්‍ර අතට !!

colombotoday

රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි

colombotoday