Colombo Today Local News

ඖෂධ වර්ග 56ක් හිඟයි-විපක්ෂයට තියෙන හදිසිය අපිට නෑ

ඖෂධ වර්ග 56ක හිඟයක් ඇති බවත් එම ඖෂධ නිෂ්පාදනය කර ලැබෙන විට මාස 9ක කාලයක් ගතවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

“මේ නිසා ඇතැම් බෙහෙත් රාජ්‍ය මට්ටමින් ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. පොල් ප්‍රශ්නය ගත්තත් සහල් ප්‍රශ්නය ගත්තත් ඒවා නිෂ්පාදනය වැඩි කරන්න සෑහෙන කාලයක් ගත වනවා. ඇමැතිකම අර ගෙන මාසයක් තුළ සියලු ප්‍රශ්න විසඳන්න බෑ. විපක්ෂයට හා අනිත් අයට තිබෙන හදිසියක් අපට නෑ.

ලින්කන් කියා තිබෙනවා ගහක් කපන්න පැය 10 දී තිබෙනවා නම් ඉන් පැය 06 පොරොව මුවහත් කරන්න ගත වෙනවා කියා. එසේම එම ගස කැපීය යුතු නිවැරදි දිශා නිතිය හඳුනා ගන්න තව කාලයක් ගත වෙනවා. එවිට ඕනෑම රූස්ස ගහක් හානියක් නැතුව බිම දැමිය හැකියි. අපි මේ කරන්නේ දුවන ගමන් වාහනයක් රෙපෙයාර් කරනවා වගේ වැඩක්. ඇතැම් කොටස් අලුතින් දැමිය යුතුයි, ඇතැම් කොටස් ගෙවිල තිබෙනවා. අනවශ්‍ය කොටස් ඉවත් කළ යුතුයි. අලුතින් කොටස් දැමිය යුතුයි.

මේ සෑම දෙයක්ම කරන්න වාහනය නතර කරන්න බෑ. මේ සඳහා ජනතාව වසර 05 කාලයක් ලබා දී තිබෙනවා. අපි මේ කරන්නේ පළපුරුදු කළ පුරුද්ද ඇති අයට කළ නො හැකි වූ දේවල් නිවැරදි දිසා නිතියට රට ගෙනයෑමට ඊටත් වඩා වැඩි කාලයක් යාවි. අපි කරන වැඩ ගැන ඔබට සන්නිවේදනයක් නොලැබීම අඩුවක්. නමුත් අපේ වගකීම මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව භාර ගත් කාර්ය හරියට ඉටු කර එය ඔබට දැනුම්දීම.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ගැටලුවලට නිලධාරීන් හා එක්ව විසඳුම් සොයලා ඇතැම් දිනවල මාත් අමාත්‍යවරයාත් එළියට එන විට රාත්‍රි 10-11 වෙනවා. එනිසා ඔබේ ගැටලු විසඳීමට යම් ප්‍රමාදයක් සිදු වුණා. ඉදිරියේ දී මා මෙම කාර්යාලයේ දී හමුවීමට හැකි දින ලබා දෙන අතර මෙම කාර්යාලයේ සිටින අයගෙන් පැමිණ හෝ දුරකථන ඇමතුමකින් ඔබේ අවශ්‍යතාව ඉටු කර දීමට කටයුතු කරනවා.

එසේම මගේ අමාත්‍යාංශයේත් ඒ සඳහා කඩිනම් දුරකතන අංකයක් ලබා දෙනවා. ඒ පිළිබඳ පසු විපරමක් ද සිදු කරනවා. මා යම් රැස්වීමෙන් රාජකාරියක යෙදී සිටින විට දුරකතන ඇමතුම් 100 ආවෙත් ඒ සියල්ලට ම පිළිතුරු දීමට අවස්ථාවක් නොමැති නිසා ඔබේ ගැටලුව කාර්යාලයට ලබා දෙන්න. මා මෙම කාර්යාලයට පැමිනෙණ දින ඔබේ මා හට ඉදිරිපත් කළ හැකියි. මේ කාර්යාලය සෑම දිනකම විවෘතව තබන කාර්යාලයක් කරනවා.”

ජාතික ජන බලවේගයේ යටිනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය පිළිමතලාව ඇඹිල්මීගම ප්‍රදේශයේ විවෘත කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ දළුපොත රොකී අත්අඩංගුවට

colombotoday

මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව මම තනිව සටන් කළා – රවී කරුණානායක කියයි

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday