Colombo Today Local News

ආර්ථික වර්ධනය කිරීමේ ගෞරවය යා යුත්තේ අපිටද රනිල්ටද කියා ප්‍රශ්නයක් තියෙනවා

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ ස්ථාවර බව සම්බන්ධයෙන් ගෞරවය යා යුත්තේ පැවති රජයට ද වර්තමාන රජයටදැයි සංවාදයක් ඇති වී තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ත‍්‍ර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම  අදහස්  පළ  කළාය.

‘2024 මැදවන විට ලංකා ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිඛෙනවා.

අප ආණ්ඩුව බාරගත් විටත් ඒ ස්ථාවර බව ඉදිරියට ගෙන යන්නට හැකියාව ලැබුණා.

මේ වර්ධනයේ ගෞරවය යා යුත්තේ පැවති රජයට ද අපට ද කියා සංවාදයක් ඇති වී තිබෙනවා.

මේ දත්ත පිටුපස තිබෙන කතන්දරය අප කියවා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා කැප කිරීම් කළ ජනතාව ගැනද කල්පනා කළ යුතුයි.

බදු ආදායම වැඩි වීමේ අනෙත් කතාන්දරය ජනතාවට අධ්‍යාපනයට සෞඛ්‍යයට ගෙවන්නට තිබූ මුදල් අහිමි වීමයි.

බදු ගෙවීම ඇතුලේ සාමාන්‍ය ජනතාව බරපතළ ඛේදවාචකයකට ලක් වුණා. වෙලත් දෙවේලක් නොකා රටට බදු ගෙවූ ජනතාවට මෙහි ගෞරවය හිමි විය යුතුයි.

ඇත්තෙන්ම මේ වසර මැද මූල්‍ය තත්වය ගැන දත්ත පිළිබඳව අපට සතුටු විය හැකිය.

නමුත් දත්ත ඒ තැනට ගෙන ඒම සඳහා රටේ ජනතාව විශාල වන්දියක් ගෙව්වා’

Related posts

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin