Colombo Today Local News

බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්න

රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද පැවති සාකච්ඡාව සාර්ථක වූ බව පෞද්ගලික බස් සංගම් පවසයි.

ඒ අනුව අද දිනයේ දීප ව්‍යාප්තව සැලසුම් කර ඇති වැඩවර්ජනය ඉදිරියට ගෙන නොයාමට සංගම් තීරණය කර ඇත.

පොලිසිය බස්රථවලට අනවශ්‍ය බලපෑම් එල්ල කරන බවට විරෝධය පළ කරමින් වර්ජනයක් දියත් කිරීමට බස් සංගම් මුලින් තීරණය කර තිබුණි.

මෙම තත්ත්වය මත බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවිය

එම සාකච්ඡාවලදී රථවාහන මෙහෙයුමට අනුකූල වීම සඳහා පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක සහන කාලයක් ලබා දී ඇත.

Related posts

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

එෆ්සීඅයිඩීයේ සිටි පොලිස් නිලධාරීන් 42 කට මාරු

colombotoday

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

colombotoday