Colombo Today Local News

ඩොලර් බින්දුවේ තිබුණ සංචිත ඩොලර් බිලියන 6ට ගෙනාවා

ඉතා කෙටි කාලයක් තුළ හිතුවාටත් වඩා වේගයෙන් රටේ ආර්ථිකය නැගිට්ට බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පැවසූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මේ අදහස් දැක්වූ අමාත්‍යවරයා රට තුළද යම් යම් දේවල මිල අඩුවී ඇති බවත් යම් යම් ක්ෂේත්‍රවල සහනයක් ලැබී ඇති බවත් සඳහන් කළා.

ඩොලර් බින්දුවක්වත් නැතිව රට බංකොළොත් වූ රටක් ඩොලර් බිලියන 6 දක්වා තම ආණ්ඩුව යටතේ පැමිණිමට හැකියාව ලැබුණු බවද ඒ මහතා පවසයි.

වත්මන් ආණ්ඩු රට භාරගනිද්දී තිබුණේ ණය ශ්‍රේණිගත කිරීම්වල ඍණ අගයක බවත් දැන් එය එතනින් ඉහළට ඔසවා ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

අද වන විට කොටස් කොළඹ කොටස් වෙළඳපොලද වේගයෙන් ඉහල යමින් ඇති බවද ඇමැතිවරයා කියා සිටී.

ඉදිරි අයවැයෙන්ද ජනතාවට සහන ලැබෙනු ඇති බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Related posts

මොහොමඩ් ෆයිසාල් බුර්කාවේ සැගවී ගුවන්තොටුපළට ආවේ ඇයි? පොලීසිය හොයයි

colombotoday

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

colombotoday

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

නාමල්ගෙන් බැසිල්ට විරෝධයක්… පොහොට්ටුවේ ගැටුම කරළියට !

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin