Colombo Today Local News

අත්‍යවශ්‍ය ආහාර සඳහා යළිත් බදු

ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා බදු පනවා ඇත. එම ඇමතිධුරය දරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකය.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බදු පැනවීම සිදුකර ඇති අතර ඒ 2024 දෙසැම්බර් 31 දින සහිතව මුදල් අමාත්‍යාංශ නිවේදනයක් මගින්ය.

ඒ යටතේ හාල් මැස්සන් හා කරවල සඳහා කිලෝවකට රුපියල් 100ක බද්දක්ද, අර්තාපල් අල සඳහා කිලෝවකට රුපියල් 60ක බද්දක්ද, වියළි මිරිස් සඳහා කිලෝවකට රුපියල් 100ක බද්දක්ද, සීනි සඳහා කිලෝවකට රුපියල් 50ක බද්දක්ද, ලුණු සඳහා කිලෝවකට රුපියල් 40ක බද්දක්ද, සහල් සඳහා කිලෝවකට රුපියල් 65ක බද්දක්ද, සුදු ළුෑණු සඳහා කිලෝවකට රුපියල් 50ක බද්දක්ද, මුං ඇට සඳහා කිලෝවකට රුපියල් 300ක බද්දක්ද, කහ සඳහා කිලෝවකට රුපියල් 360ක බද්දක්ද, ෆාම් ඔයිල් සඳහා කිලෝවකට රුපියල් 275ක බද්දක්ද වශයෙනි.

ඒ යටතේ කාණ්ඩ 63කට අයත් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇත. එසේම මැකරල්, ජැක් සහ හෝස් මැකරල් ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 400ක් හෝ සියයට 10ක් යන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝවකට රුපියල් 6ක් පමනක් දේශීය ටින්මාළු නිෂ්පාදකයින් ටින්මාළු නිෂ්පාදනය කිරීම සඳහා ආනයනය කිරීමේදී අත්හැරිය යුතු බව එම නිවේදනයේ ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම තව දුරටත් සඳහන් කර ඇත්තේ ලුණු ආනයනය කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වානිජ පරමාර්ථයෙන් තොරව ඖෂධ නිෂ්පාදනය කරන ඕනෑම ඖෂධ නිෂ්පාදන ආයතනයක් සඳහා කිලෝවකට රුපියල් 10ක් අයකරගෙන ඉතිරිය අත්හැරිය යුතු බවයි.

-අනිද්දා

Related posts

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

Admin

මේ වසරේදී කෝටි 13ක හෙරොයින් අත්අඩංගුවට – කුඩු ජාවාරම් ඉහලට

colombotoday

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday