Colombo Today Local News

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රජය භෞතිකව සහ සදාචාරාත්මකව රට වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ගන්නා උත්සාහයේදී අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.රට වෙනස් කිරීමට වසර පහක ජනවරමක් ජනතාව ලබා දී ඇති බවත් විවේචනවලට කිසිවකු කලබල නොවිය යුතු බවත් ඔහු පැවසීය.

කඩා වැටුණු ආර්ථිකයක් තුළ රජය පසුගිය මාස දෙක තුළ දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව පැවසූ සිල්වා මහතා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අඩිතාලම රජය දමා ඇති බවද සදහන් කරයි.කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

පවුල් 1387ක පුද්ගලයන් 45091ක් වැස්සෙන් පීඩාවට

colombotoday

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday