Colombo Today Local News

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන් නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට දහස් ගණනක් ත්‍රිවිද හමුදා පොලිස් නිලධාරීන් සමග වසරකට මිලියන 700ක් වියදම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කරයි.

ඒ සියල්ල ඉවත් කර දැන් ආරක්ෂාවට 60 දෙනෙකු ලබා දී ඇති බවත් තවත් කෙඳිරි ගෑවොත් ඒ 60 ද ඉවත් කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ තක්සේරු කළ මාසික කුළිය ලක්ෂ 46ක් බවත් පනත අනුව ජනාධිපතිවරයාට නිවසක් හෝ වැටුපින් 1/3ක් හිමි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

“හිටපු ජනාධිපතිට ගෙයක් නැත්නම් වැටුපින් 1/3ක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් 1/3ක් ගෙවනවා. ඒ කියන්නේ 30 000ක්. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා කුළියට ඉන්න පුළුවන්. නැත්නම් එළියට. ලක්ෂ 46ක් මාසේ කුළිය.”

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීය.

Related posts

ඔත්තු දී වෙඩිකෑ තස්ලින්ට පොලිසියෙන් මුදල් පරිත්‍යාගයක්

colombotoday

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

මැතිවරණයෙන් පසු ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නෑ

colombotoday

හිටපු නීතිපති වෙනුවට නීතිඥයෙක් TIDය හමුවට

Admin

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday